Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේ
ප්‍රවෘත්ති

තහනමට ලක්කරන ලද අන්තවාදී සංවිධානවල වත්කම් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.

තහනමට ලක්කරන ලද අන්තවාදී සංවිධානවල වත්කම් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ , තහනම් කරන ලද ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි.

ඔහු පවසන්නේ එම සංවිධානවල නායකයින්ගෙන් මේ වන විට ඒ පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටින බවය.  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නලට පිළිතුරු දෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අන්තවාදි සංවිධාන 11ක් තහනම් කර ඇති බව එහිදි ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවේය.  “අන්තවාදී සංවිධාන 11ක්ම අපි සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ අයගේ නායකයෝ ගෙන්නලා විමර්ශන කටයුතු කරගෙන යනවා.  ඔවුන්ගේ තිබෙන වත්කම් සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත් හැටියෙම අපි ඒවා රාජසන්තක කරන්න කටයුතු කරනවා. ඒ වගෙම තමයි ඒවාගේ සාමාජිකයින්ට ඒ කටයුතුවල යෙදෙන්න බෑ. එහෙම ඒ කටයුතුවල යෙදීලා අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරවන්න කටයුතු කළොත් අනිවාර්යයෙන්ම ඔවුන් සම්බන්ධයෙනුත් නීතිමය පියවර ගන්නවා. ඔවුන්ගේ වත්කම් සහ බැංකු ගිණුම්වල විමර්ශන වාර්තා ගත්තට පස්සේ ඒ වාර්තාව නීතිපතිවරයාට ඉදිපත් කරලා ඒවාත් රාජසන්තක කරන්න කටයුතු කරනවා. ඒ ආකාරයට ඔවුන් අන්තවාදය වැපුරු අයනම්, ආගමික අන්තවාදය සහ මිනිස්සු ඝාතනය කිරිමේ කුමන්ත්‍රණවලට යෙදිලා තියෙනවා නම් මේ වන විටත් ඒ අය අපි අත්අඩංගුවට ගෙන හමාරයි. මේ මතවාදින් ඉන්නේ කවුරුන්ද කියලා අපට කියන්න බෑ. ඒක තියෙන්නේ තමාගේ මොළය ඇතුළේ. ඉතින් මතවාදීන් ඉන්න අය අපි විමර්ශනය කරනවා ඉදිරියේදීත් ඔවුන් එම මාතවාදය පතුරනවාද කියලා.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *