දහසකට අධික පිරිසක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇත.

පවුල් 324කට අයත් පුද්ගලයින් 1365දෙනෙකු දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පීඩාවට ලක්වූවන්ගෙන් වැඩි පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකොරළේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි. එම ප්‍රදේශයේ පවුල් 195ක පුද්ගලයින් 846දෙනෙකු පීඩාවට පත්ව ඇත.

ආරක්ෂිත ස්ථාන වෙත,  කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 142 දෙනෙකු මේ වන විට ක් යොමු කර තිබේ.අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 113කට අර්ධ ලෙස හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මුලතිව්, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 06 දෙනෙකු අකුණූ ගැසීම් සහ ජල ගැලීම් හේතුවෙන් ඊයේ  පස්වරු 06.00 වන විට මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *