ගෝඨාභය ගේ ජය තහවුරු යි...

ඡන්ද ලක්ෂ 5 ක් ගෝඨාභයට – ගෝඨාභය ගේ ජය තහවුරු යි…

කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ඇතුළු සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මෙවර ජනාධිපතිවරණයේ දී තම සහයෝගය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මහාවංශය කෘතිය එළි දැක්වීමේ මහා සමුළුවේ දී තීරණය කර ඇත.

කිරිබත්ගොඩ හිමියන් හෝ මහමෙව්නාව අසපු සංචිතය මෙතෙක් දේශපාලන කරුණු වල දී ඍජුව මැදිහත් වනු දක්නට නොලැබුණු අතර මෙවර මැතිවරණයේ දී බුද්ධ ශාසනයේ අනාගතය වෙනුවෙන් තමන් වහන්සේ මෙම තීරණය ගත් බව එම හිමියන් සඳහන් කරති.

උන්වහන්සේ මේ වන විට බෞද්ධ ගුරු හිමි නමකට සිටින වැඩිම ශිෂ්‍ය පිරිස වන 1000 ට අධික සඟ පිරිසකට අනුශාසනා කරන අතර උන්වහන්සේ සමඟ ලක්ෂ සඛ්‍යාත ගිහි දායක පිරිසක් ද සිටී.

දේශීය සහ විදේශීය වශයෙන් අසපු ශාඛා 100 ට ආසන්න ප්‍රමාණයක් උන්වහන්සේ යටතේ පැවතීම සහ උන්වහන්සේ සිදු කරන වාර්ෂික පින්කම් වල දී ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් පිරිසක් උන්වහන්සේ සමඟ එකතු වන නිසා උන්වහන්සේ ගේ මෙම තීරණය මෙවර ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වනු ඇත.

ඒ වාගේම උන්වහන්සේ කිසි විටෙක දේශපාලනය සිදු කර නොමැති නිසා උන්වහන්සේ ට විරුද්ධව දේශපාලන උපක්‍රමයක් ලෙස හෝ මඩ ප්‍රචාර සිදුකර
ඡන්ද පදනම රැක ගැනීමට අනෙකුත් අපේක්ෂකයන් ට ඇති අවස්ථාව සීමා සහිත ය. එසේම උන්වහන්සේගේ මෙම තීරණය රටේ පවතින තත්වය හමුවේ හදිසියේ ගත් තීරණයක් බව පෙනේ.

අද දින මහාවංශය ග්‍රන්ථය එලි දක්වමින් කිරිබත්ගොඩ හිමියන් ගෝඨාභයට සහාය දක්වමින් ඉල්ලීම් 7 ක් ඉදිරිපත් කළ අතර ගෝඨාභය මහතා එම යෝජනා පිලිගත් බව පෙනිනි..

ඒවා නම්

1.
ඓතිහාසික වශයෙන් තහවුරු වී ඇති මේ රට සිංහලයන්ගේ එකම මාතෘභූමිය වේ. මේ සිංහල රටෙහි අන්‍ය ජාතීන්ට ද සිය අනන්‍යතාවය තුළ සිංහලයා සමඟ සාමකාමීව වාසය කිරීම උදෙසා කටයුතු කළ යුතු ය.

2.
එසේම, මේ සිංහල රටෙහි ජාතියක් මුල් කොට හෝ ආගමක් මුල් කොට හෝ දේශපාලන මතිමතාන්තර මුල් කොට හෝ භූමිය මුල් කොට හෝ කිසිදු ආකාරයක ත‍්‍රස්තවාදයක් ඇති වීමට ඉඩ නොතැබිය යුතු ය.

3.
එසේම, ජාතිවාදය තුළ හෝ ආගම්වාදය තුළ හෝ කුමන්ත‍්‍රණකාරීව මාතෘභූමියට එරෙහිව දේශපාලනයේ යෙදුන කිසිදු දේශපාලඥයෙකු සමග සම්බන්ධ නොවිය යුතු ය.

4.
එසේම, සිංහලයාගේ පාරම්පරික උරුමය සනිටුහන් කරන ලද ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමත්, දියුණු කිරීමත් පිණිස කැපවිය යුතු ය.

5.
එසේම, අපගේ මාතෘභූමියේ ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය සුරකින අතර, මාතෘභූමිය කිසියම් ම හෝ අයුරකින් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ට පාවාදීම හෝ විකිණීම නොකළ යුතු ය.

6.
එසේම, පෙර සිංහල රජදරුවන් සෙයින් සිංහලයන්ගේ අභිමානයත්, ආර්ථික සමෘද්ධියත්, ජාතික සුරක්ෂිත භාවයත්, බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් ස්ථාපිත කළ යුතු ය.

7.
එසේම, මේ ශ්‍රී ලංකාව තුළ කවර හෝ ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී මත දරන්නන්ගේ බලපෑම් මත නීතිය අවභාවිතයේ යොදවමින් සිංහල බෞද්ධයා පෙළීමට ඉඩ නොතැබිය යුතු ය.

වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න.

50 Comments

  1. සාදු සාදු.නමෝබුද්ධාය

  2. තෙරුවන් සරණයි

  3. සාදු…! සාදු…! සාදු…! තෙරුවන් සරණයි…!!!
    ඉල්ලිම් 7 දකිද්දී ඇස් වලට කදුලු ආවා.ඒ වගේම ජාතික අභිමානය ඇතිවුණා.

      1. Rata beragenimata athi awasan awasthawai.. Obawahanseta pin

  4. සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  5. සාදු මගෙ ගුරුවරයා කියන දෙයම මම කරමි

  6. Sadu Sadu Sadu….

  7. ජය වේවා!!!
    නමෝබුද්ධාය..!!!

    1. නමෝබුද්ධාය!!!

  8. සාදු සාදු සාදු 🙏🙏🙏

  9. බුද්ධ සාසනය රැක ගනුයේ සිංහල ජාතිය පමනි.
    සාදු සාදු සාදු…….

    1. තෙරුවන් සරණයි

  10. නමෝබුද්ධාය..!!!
    🙏🙏🙏🙏

  11. Meya Budu dahamata karanalada barapathala nigrahayak! Bhikshuwa pakshagrahi unama Prathimoksha seelaya , arya astangika margayen, Bahara wenawa. godak dukai. mamath asapuwata nithara yana ena kenek. Awasanayedi loku swamin wahanseth Maarayata ahu una!

    1. මයා විනිශ්චය කරන්න කලින් තමුන්ගේ වින්තනය පුලුල් කර ගන්න. පන්ඩිත වෙන්න ඔන ඒ තරමට පරිනත උනාමනේ. ඉස්සරවෙලාම තමුන් පරිනත වෙන්න බලන්න. අනික සත්පුරුශන්ට අවලාද කලොත් නම් ඉතින්, ඔය පන්ඩිත කම් පෙන්නන්ඩ වෙන්නෙත් අපායෙ දි තමා. මට පේන්නේ sure එකටම ඔයා ඉපදිලා තියෙන්නේ unp පවුලක.

      1. Totally agreed !!! Me welawet katawahan inna bokshuwak tamange awasana yutukama( Budda deshanawa anuwa) kese nam itu karaida… un wahanse ada inne deshapalana wedikawaka nowe illeem hudek buddha shasanaye paeathma udesa bawa nopenenne kola kannadiya nisai..Apa ohu gana anukampa wemu…

    2. සාසනය රැකගැනීමට පෙර දවසත් මහා සංඝරත්නය, පෙරමුණ ගත්තා. එය අත්‍යාවශ්‍යයි. නොදන්න මගුල් කතා නොකර ඉන්නවා හොදා

    3. ලොකු ස්වාමීන්වහන්සේ දවසක් හරියට ආශ්‍රය කරල තියෙනවනම් ඔහොව් කියන් නෑ..

    4. අනේ ඔයා නිකන් පණ්ඩිතයෙක් වෙන්න එපා ලොකු ස්හවාමීන්සේට ලොකු ප්‍රඥාවක් තියෙනවා. උන් වහන්සේගේ සීලය ගැන කතා කරන්න ඔයා කවුද

    5. මේ ඉල්ලීම් නිසා බුදු සසුනේ දියුණුව මිසක් පිරිහිමක් නොවේ.බුදු සසුනේ දියුණු පිණිස යම් කෙනෙක් උත්සාහ කරයි ද එ යුග පුරුෂයෙක්මය.ඒ උතුමන් දෙව්‍ රැකවරණ ලබත් මය..පිරිහිමක් වෙන්නේ යැයි කියා නුවන ඇති අයෙකුට නම් පැවසිය නොහැකිය.

    6. Ane gon katha nokiya hitin.pansil wath rakinawada prathimoksha seelaya piriksanna

  12. Meya Budu dahamata karanalada barapathala nigrahayak! Bhikshuwa pakshagrahi unama Prathimoksha seelaya , arya astangika margayen, Bahara wenawa. godak dukai. mamath asapuwata nithara yana ena kenek. Awasanayedi loku swamin wahanseth Maarayata ahu una!

    1. Marayage grahanayata asuwi aththe obai. Asapuwata yana ena kenek nam loku Swaminwahase ge thiranaya hogak dura balala ganna ekak bawa pehadimak thibiya yuthuya. Oba asapuwata wessakata godawi athi bawa pene. Loku Swaminwahase deshpalanayata nowa rata wenuwen awasthanu kulawa gath thiranak bawa apa katath wetahe. Theruwan saranai!!!

  13. මයා විනිශ්චය කරන්න කලින් තමුන්ගේ වින්තනය පුලුල් කර ගන්න. පන්ඩිත වෙන්න ඔන ඒ තරමට පරිනත උනාමනේ. ඉස්සරවෙලාම තමුන් පරිනත වෙන්න බලන්න. අනික සත්පුරුශන්ට අවලාද කලොත් නම් ඉතින්, ඔය පන්ඩිත කම් පෙන්නන්ඩ වෙන්නෙත් අපායෙ දි තමා. මට පේන්නේ sure එකටම ඔයා ඉපදිලා තියෙන්නේ unp පවුලක.

  14. නමෝ බුද්ධාය !

  15. Mama, mahamuna asapuwe dayakayek,
    Gananda hamuduruwo Budunva vikunan kawanam oita vada hodai,
    Ada edan danaya vetharai denne pansalata noyami

    1. Haaa, Loku seamin wahansetai asapuwatai godaak padu wei mahathmaya…

      Obata awasan husma helanta perawat sathua dakinda lebewa…

      Sadu..Sadu… Sadu…

  16. Gota aurudu 10 k mine marala, mankolla kala, adekaranaya mensage peheta Eka nathi karala, sthre dushanaya athi kala eka
    Asapu open karanna president kale mahinda ava kiyala, ape budun nesa vada vatuna thana,
    Peretha kotuwak kala jananda Kiyana shrmanaya,

    1. අනේ මේ ඇත්තටම නොදන්න නිසයි අහන්නෙ?
      ගෝඨාභය මිනී මැරුව.
      ගෝඨාභය මංකොල්ල කෑව.
      ගෝඨාභය ස්ත්‍රී දූෂකය
      මෙන්න මේ ටික පොඩ්ඩක් හරියටම පැහැදිලි කරලා දෙනවද?
      තවත් සරළව අහන්නම්කො.ගෝඨාභය මේවා කරනකොට ඔයාද එතන බලාගෙන හිටියේ?

      උදේ හවස තෙරුවන් සරණ ගියත් වැඩක් තියෙනවද මේ වගේ පට්ටපල් බොරු බේගල් ඇදබාමින් රටක් වටිනා යුගපුරුෂයෙකුට මඩ ගහනවනම්.

  17. Namo Buddaya

    Niweradi darmaya igenageneemata asapuwata digu kalayaka sita yannemi. Sitha niwunu thena kala pin sihikaramin Sitha senasuna thena. Ude pandara awadiwee daruwanda regena katina pinkamata sahabagi wuye peradina mediyam reya thek pirith sajjayana kireemen pasuwai. Kisima widawak hithata nodenune e pinkam nisai. Aho siduwu vipatha awasanaye loku swaminwahasege Sitha niwana darmaya asannata lebune netha. Deshapalanaya apata epa eyin siduwanne methek kal ekata siti dayaka yin bedaweema pamani. Apa sangaya bedakale netha. GODAK DUKAI

    1. මා හිතන්නේ ඔබ ධර්මය ලැබී නැත. ධර්මය ලැබුණා නම් ඒ ධර්මය ලැබුණු පතිරූපය බේරාගන්න අඩියක් ඉස්සරහට තියන කොට සතුටු වෙනවා. නැතුව මෙහෙම වෙන්නේ නැහැ. ඔබ මහාවංශයවත් කියවා නැති හැඩයි ඒකයි සංඝරත්නය බුදු සසුනට අනතුරු වෙනකොට රජෙක් හොයන්නේ.

    2. Ane pau neda oya.oya niuna kiyana hithen tikak asdeka alara watapita balannako.ethakota pahadiliwei idiriyedi paththukaranma inna wena bawa.eka ape gurudevindu hondata dannawa.ehenam oya sajithta deela nivilama yannako.😂😂😂😂

  18. saaddu! saadu! saadu!

  19. ලොකු ස්වමින් වහන්සේ ඉල්ලන්නේ ගොටාබය නොකරපු වැඩටික කරන්න කියලා . වැටදි අර්ත කතන දෙන්න එපා

  20. Deshapalakayinta kade yana medagama abetissa himi, dam ara amila himi, galaboda himi, rathana himi, Samantha badra himi ethulu vedikawala ke gasana anekuth himiwaru langa thibenne monawada? Wairaya pathuruwana awalada katha kotharam ehenawada?

    Ane ape loku swaminwahansa oba weni uthumek me kunu godata wetenna epa. Pansale walata deshapalanaya awoth senaseemathiyenne koheda.

  21. මෙකෙන් කියන්නේ බුර්කා තහනම් කියන එකද?

    7.
    එසේම, මේ ශ්‍රී ලංකාව තුළ කවර හෝ ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී මත දරන්නන්ගේ බලපෑම් මත නීතිය අවභාවිතයේ යොදවමින් සිංහල බෞද්ධයා පෙළීමට ඉඩ නොතැබිය යුතු ය.

  22. TeruwN saranai loku hamuduruwane.oba wahsnsetat. Gotabaya mahatatat

  23. Apita uthum dahama karunawen therum karala dahama laba dun guru devindu pana illuwoth ekath denawa.kalaguna salakanna.himiyani oba illanne rata rakinna
    Api gothabhaya mathindu samagayi.
    Sinhala jathiyath budu dahamath dahama rekena ratath rakinata

  24. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අද මිහිපිට ඉන්න මහා සත් පුරුෂයෙක්..

    උන් වහන්සේ සැගවී තිබුණු ධර්මය අප සැමට කියා දුන්නා. බෞද්ධයා තුල නැතිවී ගොසින් තිබුනු ශ්‍රද්ධාව යලි ඇති කලා.

    ඉතිහාසය කියා දුන්නා. බෞද්ධයාගේ උරුමය පෙන්වා දුන්නා. ඉතින් උන් වහන්සේ නිවැරදිව පෙන්වුවා, ජනතාවට මේ මොහොතේ තෝරාගත යුත්තේ මොන නායකයාද කියල. ඉතින් ජනතාව ඒ අවවාදය පිලි අරගෙන ගෝඨාභය මහතාව ජනපති කරගත්තා.

    තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *