වාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නාරාහේන්පිට ප්රධාන කාර්යාලය මඟින් සපයනු ලබන මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ (Online Appointment Booking) සේවාව හෙට, එනම් 2026 නොවැම්බර් මස 02 වැනිදා සිට යළි ආරම්භ කෙරේ.
ඒ අනුව නව වාහන ලියාපදිංචි කිරීම, වාහන හිමිකම් පැවරීම සහ මෝටර් රථ වාහන ආශ්රිත තාක්ෂණික කටයුතු සඳහා සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන මහජනතාවට, අදාළ නිල වෙබ් අඩවිය ඔස්සේ පූර්ව දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණෙන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම සේවාවන් ලබාගැනීම සඳහා අලුයම සිට පැමිණෙන ජනතාව මුහුණ දෙන දැඩි තදබදය, දිගු පෝලිම් සහ අනවශ්ය කාලය නාස්තිවීම අවම කරමින් වඩාත් විධිමත් හා කාර්යක්ෂම මහජන සේවාවක් සැලසීම මෙම පියවරේ ප්රධානතම අරමුණයි.
වේලාවක් වෙන්කර ගන්නේ කෙසේද?
මහජනතාවට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත වේදිකාව වන dmtappointments.dmt.gov.lk ඔස්සේ පිවිස ඉතා පහසුවෙන් තමන්ට අවශ්ය සේවාව සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකිය.
