කොරෝනා බව සැඟවූ ඇමෙරිකානුවාට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක්

ජෙට් බ්ලූ ගුවන් සේවාවේ ගුවන් යානායකින්, නිව්යෝර්ක් සිට ෆ්ලෝරිඩාවේ වෙස්ට් පාම් බීච් දක්වා පියාසර කළ, කොරෝනා වෛරසය ආසාධනය වී ඇති මුත් ඒ බව සැගවූ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැනවීමට එම ගුවන් සමාගම තීරණය කර තිබේ.

මෙම පුද්ගලයා කොරෝනා වෛරසයට අදාල පරීක්ෂණය සිදු කර එම වෛරස ආසාධනය වී ඇති බව සඟවා මෙලෙසට ගුවන් යානයෙන් පියාසර කර තිබුනා. සිද්ධියෙන් පසු ජෙට් බ්ලූ ගුවන් සේවාව CNN මාධ්‍ය වෙත පවසා සිටියේ තම කාර්ය මණ්ඩලයත් ගණුදෙනුකරුවනුත් දැඩි අවදානම් තත්වයකට ඇද දැමූ මෙම පුද්ගලයාට ජෙට් බ්ලූ ගුවන් සේවාව සමග පියාසර කිරීම ජීවිතාන්තය දක්වා තහනම් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *