ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල

ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල (H.M.J.C. Pitawala) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ නිල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ පෙරේදා (ඔක්තෝබර් 29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහාචාර්ය පිටවල මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
නව උපකුලපතිවරයා ලෙස ඒ මහතාගේ පත්වීම එළඹෙන 2026 නොවැම්බර් මස 02 වැනිදා සිට නිල වශයෙන් බලපැවැත්වේ.
මෙම උත්තරීතර තනතුරට පත්වීමට පෙර, මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස සුවිශේෂී අධ්යයන හා පර්යේෂණ මෙහෙවරක නිරතව සිටියේය.
