ඉන්දියාවේ අභරහස් රෝගයක්, 340 කට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරේ

කොවිඩ් වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ “එලුරු” නම් ප්‍රදේශයෙන් අභිරහස් රෝගයක් වාර්තා වීම හේතුවෙන් පුද්ගලයින් 340 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති අතර වයස අවුරුදු 45ක පුද්ගලයෙක් මියගොස් ඇති බවට වාර්තා වේ.

මෙම රෝගීන් ඉකුත් සති අන්තයේ දී වාර්තා වී ඇති අතර ඔවුන්ට රෝගීන්ට සිහිය නැතිවීම, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවට වෛද්‍යවරු පවසයි.

මේ වන විට ලෝකයේ දෙවනි ස්ථානයට වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී සිටින ඉන්දියාවෙන් මෙවැනි අභිරහස් රෝගයක් වාර්තා වීම නිසා එරට සෞඛ්‍ය කේෂ්ත්‍ර මේ වන විට දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටියි.

රෝගය පිළිඹදව විමර්ශනය කිරීමට ජල සාම්පලද පරීක්ෂා කර ඇති අතර ඒවායේ ප්‍රතිඵල සාමාන්‍ය බවත්, රෝගීන්ගේ රුධිර සාම්පල හා සීටී ස්කෑන් වාර්තා ද සාමාන්‍ය තත්වයේ ඇති බවටත් වාර්තා වේ.

කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අන්ද්‍රා ප්‍රාන්තයෙන් මේ වන විට කොවිඩ් රෝගීන් ලක්ෂ 08 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *