බස් රථ වල මගීන් වැඩියෙන් ප්‍රවාහනය කරන නිසා බස් ගාස්තු නැවත අඩු කරන්න – බස් මගීහු ඉල්ලති

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් බස් රථවල රැගෙන යන මගීන් ප‍්‍රමාණය වැඩිවී ඇති බැවින් වැඩි කළ බස් ගාස්තු යළි අඩුකරන ලෙස බස් මගීහු ප‍්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කොරෝනා ව්‍යාප්තියත් සමගම මගීන් ප‍්‍රමාණය අඩුවීම නිසා බස් ගාස්තුව යම් ප‍්‍රමාණයකින් වැඩි කිරීමට ප‍්‍රවාහන බලධාරීන් අවස්ථාව ලබාදුන්නත්, මේ වනවිට බොහෝ බස් රථ ආසන ගණනට වැඩියෙන් මගීන් ප‍්‍රවාහනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් වැඩි කළ බස් ගාස්තුව යළි අඩුකරන ලෙසට මගීහු ඉල්ලා සිටිති.

මගීන් වැඩිදුරටත් චෝදනා කරමින් කියා සිටින්නේ කොරෝනා තත්ත්වය පාලනය වී නොමැති නිසා බස් රථවල ප‍්‍රවාහනය කරන මගීන් ප්‍රමාණය සීමා කළද බස්වල වැඩි මගීන් ප‍්‍රමාණයක් රැගෙන යෑම කොරෝනා අවදානම වැඩිවීමට හේතුවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *