සේවාවන් කිහිපයක් අත්යාවශ්ය ලෙස ප්රකාශයට පත් කිරීමේ ගැසට් පත්රයට ජනපති අත්සන් තබයි.

ඕනෑම වරායක් තුළ ඇති යාත්රාවලින් ආහාර පාන, ගල් අඟුරු, තෙල්, ඉන්ධන ආදිය මගීන්ට හෝ භාණ්ඩ, මුදා හැරීම, ප්රවාහනය, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ඉවත් කිරීම සඳහා පොදු ප්රවාහන සේවා ප්රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇත. රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති පරිදි, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්රවාහන සේවා සඳහා අවශ්ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්රියාත්මක වන පරිදි අත්යවශ්ය සේවා ලෙස – පීඑම්ඩී
