Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්
ප්‍රවෘත්ති

මිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?

මිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා එකවර විදුලිබල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීමට ප්‍රධානතම හේතුව වූයේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 187ක විදුලි ධාරිතාවක් පද්ධතියෙන් හදිසියේ විසන්ධි වීම බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත භාරදුන් මූලික විමර්ශන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) විසින් මෙම මූලික පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.

වාර්තාවට අනුව, එදින පෙරවරු 11.43ට පමණ මිලිතත්පර 450ක් (තත්පර භාගයකටත් අඩු කාලයක්) තුළ අදාළ ජනන යන්ත්‍රය පද්ධතියෙන් විසන්ධි වී ඇති අතර, ඒ සමඟම සමස්ත විදුලි පද්ධතියේ සංඛ්‍යාතය (System frequency) හර්ට්ස් 48.75 දක්වා ක්ෂණිකව පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස තත්පර 4.1ක් වැනි කෙටි කාලයක් ඇතුළත සමස්ත ජාතික විදුලිබල පද්ධතියම සම්පූර්ණයෙන්ම බිඳවැටීමට (Total system collapse) ලක්ව ඇත.

තත්පර 4කදී බිඳවැටුණු ආරක්ෂණ පද්ධති

පද්ධතිය යථා තත්ත්වයට පත්කර ස්ථාවර කරගැනීම සඳහා ‘අව-සංඛ්‍යාත භාර මුදාහැරීමේ’ (Under Frequency Load Shedding – UFLS) ස්වයංක්‍රීය ක්‍රමවේදයේ අදියර පහම එකවර සක්‍රීය වී ඇතත්, පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට එම ආරක්ෂක පියවරයන්ද අපොහොසත් විය. ඒ හේතුවෙන්, විදුලිය බිඳවැටීමට මොහොතකට පෙර ජනනය වෙමින් පැවති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ධාරිතාවෙන් මෙගාවොට් 449.2ක්, එනම් සියයට 39.6ක් පද්ධතියෙන් ක්ෂණිකව විසන්ධි වී ගියේය.

මීට සමගාමීව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙනිගල, සමනලවැව සහ ලක්ෂපාන යන ප්‍රධාන ජලවිදුලි බලාගාරවල ආරක්ෂණ පද්ධතීන් සක්‍රීය වීම හේතුවෙන් ඒවායේ ජනන යන්ත්‍රද එකවර ක්‍රියාවිරහිත විය.

පැය පහහමාරක දැවැන්ත ප්‍රතිසංස්කරණ මෙහෙයුම

සිදුවීමෙන් අනතුරුව ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) විසින් කඩිනමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඒ අනුව ජලවිදුලි බලාගාර කිහිපයක් සහ කැලණිතිස්ස බලාගාරය උපයෝගී කරගනිමින් මහවැලි, ලක්ෂපාන, සමනලවැව/දකුණ සහ කොළඹ යන පද්ධති හතරක් ඔස්සේ පියවරෙන් පියවර විදුලිබල සැපයුම යළි ලබාදීමට පියවර ගැනිණි.

පස්වරු 4.58 වන විට සියලුම ප්‍රධාන උපපොළවල් යථා තත්ත්වයට පත්කළ අතර, සමස්ත ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය 5යි මිනිත්තු 15ක කාලයක් ගතවූ බව වාර්තාවේ සඳහන් වේ. මෙම යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේදී ඇතැම් ජනන යන්ත්‍රවල ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් යම් ප්‍රමාදයන්ද සිදුවූ අතර, යුගදනවි බලාගාරයේ අතිරේක පද්ධතියක හටගත් කාර්මික දෝෂයක් නිසා එහි ජනන යන්ත්‍රයක් යළි ආරම්භ කිරීමද ප්‍රමාද විය.

කෙසේවෙතත්, නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය මෙලෙස හදිසියේ පද්ධතියෙන් විසන්ධි වීමට තුඩුදුන් නිශ්චිත හා මූලික හේතුව (Root cause) මෙතෙක් අනාවරණය වී නොමැති බවද එම මූලික වාර්තාවේ දැක්වේ. මේ පිළිබඳ සම්පූර්ණ හා සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිතය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *