Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේ
ප්‍රවෘත්ති

කොවිඩ් බෝවන තැනට උත්සව සමයේ කටයුතු සිදුවී ඇති බවට චෝදනා.

කොවිඩ් බෝවන තැනට උත්සව සමයේ කටයුතු සිදුවී ඇති බවට චෝදනා.

මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය එස්.එම්. ආර්නල්ඩ් මහතා පවසා සිටියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකළ බවය.

“උත්සව සමය ගතකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් නිකුත් කළා. කියන්න කණගාටුයි, අපි නිරීක්ෂණය කළ කරුණු අනුව ඇතැම් පිරිසක් මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගියා. මෙයින් සිදුවන්නේ ඉදිරියේදී වේගයෙන් කොවිඩ් රට තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් ඇතිවීමයි. තත්ත්වය එලෙස දිගින් දිගටම ගියොත් අපිට නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න වෙනවා.”

මීට අමතරව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කර සිටියේ කොවිඩ් මර්දනය සඳහා අහඹු පරීක්ෂා කිරීම් සිදුනොකර එන්නත මත පමණක්ව සිට රජය කටයුතු කරන බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දැනට ජනතාවල ලබාදී ඇති එන්නත්වල සාර්ථකත්වය පරීක්ෂා කිරීමට ද නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි. එසේම සෞඛ්‍ය අමාත්‍යවරිය අද ප්‍රකාශ කළේ මෙරට කොවිඩ් -19 මර්දනය සඳහා රජය සහ සෞඛ්‍ය අංශ සාර්ථක වැඩපිළිවෙලක් ගෙනයන බවය. “කොවිඩ් මර්දනය කිරීමේ වැඩපිළිවෙල අපි සාර්ථකව කරගෙන යනවා. ලෝකයේ වෙනත් රටවලට වඩා අපේ රට ඒ සාර්ථකත්වය පෙන්වා තිබෙනවා,” යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩි දුරටත් පැවසුවාය.

 

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *