Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

කොරෝනා අතරේ පැරදෙන නගර සභා අයවැය

කොරෝනා අතරේ පැරදෙන නගර සභා අයවැය

හලාවත නගර සභාවේ 2021 වර්ෂයට අදාළ අය වැය වැඩි ජන්ද 7 කින් පරාජයට පත්වී තිබේ.

මන්ත්‍රී ආසන 20 න් සමන්විත හලාවත නගර සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන්ද, ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු බැගින්ද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගෙන්ද සමන්විතයි.

හලාවත නගර සභාවේ බලය පිහිටුවීමට සහයෝගය දැක්වූ ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ඊයේ (13) දිනයේ පැවති මෙම අයවැය පරාජය කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ අතර ශ්‍රීලනිප ය නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද සිටීමද විශේෂ කාරණයක්. මෙම මන්ත්‍රීවරුන් සියලු දෙනාම මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ඡන්දය විමසන අවස්ථාවට සහභාගී නොවුණු අතර ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 13ක් සහ පක්ෂව ඡන්ද 6ක් හිමි වුණා. ඒ අනුව වැඩි ජන්ද 7 කින් හලාවත නගර සභාවේ 2020 වර්ෂයට අදාළ අය වැය පරාජයට පත්වී තිබේ.

මේ අතර පසුගිය 12 වැනිදා පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර නගර සභාවේ හා හල්දුම්මුල්ල, ජා-ඇල යන ප්‍රාදේශීය සභා වලද අය වැයද පරාජය වීම විශේෂත්වයක්.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *