Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ආලෝකයේ මංගල්‍යය සමරන සැමට, සතුට මානසික සහනය සැලසේවා – ජනපතිගේ දීපවාලී සුභ පැතුම් පණිවිඩය

ආලෝකයේ මංගල්‍යය සමරන සැමට, සතුට මානසික සහනය සැලසේවා – ජනපතිගේ දීපවාලී සුභ පැතුම් පණිවිඩය

ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීපාවලී සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

එතුමා විසින් නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහතින්.

“ලොව පුරා හින්දු බැතිමත්හු දීපාවලි දින පහන් දල්වමින් අවිද්‍යාවේ අන්ධකාරය පරදා ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිරත වෙති. සියලු දනන් සිත් සතන් ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනය ගැබ් කර ගත් දීපාවලි දිනය එකිනෙකා වෙත හෘදයාංගම ශුභාශීංසන පිරිනමමින් සෙනෙහස හා දයාව බෙදා හදා ගන්නා සංස්කෘතික උළෙලක් ලෙස ද වැදගත්කමක් උසුලයි. ඒ අරුතෙන් ගත් කල සහෝදරත්වයේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික හා ආගමික සංහිඳියාවත්, අන්‍යෝන්‍ය අවබෝධයත් වර්ධනය කරනු වස් මෙවන් සංස්කෘතික අංග මනා පිටිවහලක් වන බව මගේ හැඟීමයි.

සමස්ත ලෝකයම කොරෝනා වසංගතය නිසා උද්ගත දැවැන්ත අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසිල්ලකි. දීපාවලි සමයේ ඒ සැනසීම වෙනුවෙන් අපේ රටේත් ලෝකයේත් සියලු හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි මම විශ්වාස කරමි. එය අප අරමුණු කරගත් යහපත් සමාජයක්, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩ නැගීමට ආශිර්වාදයක් වනු ඇතැයි මම සිතමි.

මේ ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට මානසික සහනය සැලසේවා යි ප්‍රාර්ථනා කරමි”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *