කොවිඩ් ගැන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු පල කළ අයෙක් අත්අඩංගුවට

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් මහමඟ විශාල ප්‍රමාණයෙන් මිය ගොස් ඇති බවට අසත්‍ය තොරතුරු ඡායාරූප හා සටහන් මඟින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත් අඩංගුවට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අත්අඩංගුවට පත් තැනැත්තා, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 වියැති පිරිමි පුද්ගලයෙකි. මෙම තැනැත්තා සම්බන්ධයෙන් නිරෝධායන නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන අතර අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මෙවැනි අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මඟින් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

නිරෝධායන නීති කඩ කරමින් මෙවැනි අසත්‍ය පුවත් තම සමාජ මාධ්‍ය ඔස්සේ, වයිබර්, වට්ස් ඇප් ඔස්සේ නැවත ප්‍රචාරය කිරීම, හුවමාරු කිරීම සිදු නොකරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *