Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානිරට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්2027–2029 කාලය තුළ හෙද නිලධාරීන් 13,000ක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කරයි; නවක හෙද හෙදියන් 2,819කට පත්වීම් ලිපි පිරිනැමේආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
ප්‍රවෘත්ති

COVID – 19 අරමුදලේ සම්පූර්ණ ශේෂය රුපියල් මිලියන 848 ඉක්මවයි

COVID – 19 අරමුදලේ සම්පූර්ණ ශේෂය රුපියල් මිලියන 848 ඉක්මවයි

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ සම්පූර්ණ ශේෂය රුපියල් මිලියන 848 ඉක්මවා තිබේ.

මේ අතර පේරාදෙණිය, ගැටඹේ‍ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්හ.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක්, ජේ.එච්.එම්.ටී. අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියනය බැගින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 05 ක් අරමුදලට පරිත්‍යාග කළහ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *