Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

නාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්

නාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්

වත්මන් රජයේ ක්‍රියාකලාපය, ඉටුනොකළ මැතිවරණ පොරොන්දු සහ මෑතකදී වාර්තා වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ගම්බද ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, කොළඹ දිස්ත්‍රික්කය මුල්කරගනිමින් අද (නොවැම්බර් 02) සිට දිවයින පුරා ගම් මට්ටමේ ජනහමු මාලාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනය කරයි.

පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ මෙම දේශපාලන වැඩපිළිවෙළ සංවිධානය කර ඇති බවයි.

ඒ අනුව සතියකට දින පහක් (05) පුරා පක්ෂයේ ශාඛා සමිති, ප්‍රාදේශීය ක්‍රියාකාරීන් සහ ඡන්දදායක ජනතාව හමුවෙමින් මෙම සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, රජය විසින් ලබාදුන් පොරොන්දු කඩකිරීම සහ මෑතකාලීන දූෂණ චෝදනා පිළිබඳව බිම් මට්ටමේ ජනතාව නිවැරදිව දැනුවත් කරන ලෙස පක්ෂ සංවිධායකවරුන්ට උපදෙස් ලබා දුන්නේය.

ආන්දෝලනාත්මක සිදුවීම් ගමට ගෙනියන්න උපදෙස්
මෑතකදී රට තුළ දැඩි කතාබහට ලක්වූ කරුණු කිහිපයක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස හෙතෙම සංවිධායකයින්ට දැනුම් දුන්නේය:

  • රේගුවෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම
  • ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බව කියන බරපතළ අක්‍රමිකතා
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවීමේ (Hacking) සිද්ධිය
  • වැරදි බැංකු ගිණුම් වෙත රජයේ මුදල් බැරවීමේ සිදුවීම්

මීට අමතරව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය සේවා, ඖෂධ සහ පාසල් උපකරණ මත පනවා ඇති බදු ඉවත් කර ජනතාවට සහන සලසන බවට මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු පිළිබඳවද ඡන්දදායකයින්ට මතක් කර දෙන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේය. එම සහන ලබාදීමට රජය සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බවටද හෙතෙම චෝදනා කළේය.

පක්ෂයේ බිම් මට්ටමේ දේශපාලන යාන්ත්‍රණය යළි ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ පුළුල් වැඩසටහනක කොටසක් ලෙස මෙම ග්‍රාමීය ජනහමු මාලාව දිවයින පුරා ඉදිරියේදී ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *