Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්

“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්

ශීඝ්‍ර තාක්ෂණික දියුණුවත් සමඟ තොරතුරු ලබාගැනීම පහසු වී ඇතත්, සත්‍ය සහ අසත්‍යය අතර වෙනස හඳුනාගැනීම අතිශය දුෂ්කර වී ඇති යුගයක, සාවද්‍ය තොරතුරු (Misinformation) පිටුදැක සත්‍යය සුරැකීම සහ මාධ්‍ය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු ප්‍රමුඛ වගකීමක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.

කොළඹ ‘සිනමන් ලයිෆ් – සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ (Cinnamon Life, City of Dreams) පරිශ්‍රයේදී පැවති ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඊයේ (01) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහජනතාව වෙත නිරවද්‍ය තොරතුරු ලබාදීම සහ සමාජය තුළ වඩාත් යහපත් අවබෝධයක් ගොඩනැගීමේ භාරදූර වගකීම විකාශන මාධ්‍ය ආයතන සතු බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාව වැනි විවිධත්වයෙන් යුත් සමාජයක් තුළ ජන ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය ගෞරවය, සංවාදය සහ සාමකාමී සහජීවනය පවත්වාගෙන යාම සඳහා මාධ්‍ය සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම බිහිවන නවීන තාක්ෂණයන් මානව වර්ගයාගේ යහපැවැත්ම උදෙසා යොමුකළ යුතු අතර, දැනුම වෙත සැමට සමාන ප්‍රවේශයක් හිමිවිය යුතු බවද ඔහු කීවේය.

“හුදු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගවලින් පමණක් ලෝකයේ සාමය දිගුකාලීනව පවත්වාගෙන යා නොහැකියි. ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය සහජීවනය හා අවබෝධය ගොඩනැගීමටත්, මිනිසුන් එකිනෙකාට සමීප කිරීමටත් වගකීම් සහගත මාධ්‍ය භාවිතය අත්‍යවශ්‍ය සාධකයක්,” යනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දෙස් විදෙස් සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කොළඹ නගරාධිපතිනී ව්රායි කැලි බැල්තසාර් (Vraîe Cally Balthazaar) මෙනෙවිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ‘MTV’ මාධ්‍ය ජාලයේ සත්කාරකත්වයෙන් ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 03 දක්වා දින පහක් පුරා පැවැත්වෙන මෙම ABU මහා සමුළුව සංවිධානය කර ඇත්තේ “සාමය සහ මානව වර්ගයා උදෙසා මාධ්‍ය භාවිතය: සත්‍යය, විශ්වාසය සහ පරිවර්තනය” (Media for Peace and Humanity: Truth, Trust, and Transformation) යන තේමාව යටතේය. ආසියා-පැසිෆික් කලාපය ඇතුළු ලොව පුරා ප්‍රමුඛ පෙළේ විකාශකයින්, මාධ්‍ය වෘත්තිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රධානීහු රැසක් මීට එක්ව සිටිති.

1964 වසරේදී ආරම්භ කරන ලද ආසියා-පැසිෆික් විකාශන සංගමය (ABU), ලොව රටවල් 66ක් පුරා විහිදුණු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය හා විකාශන ආයතන රැසක් නියෝජනය කරමින් කලාපීය සහයෝගීතාව සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියාකරන ලොව විශාලතම විකාශන සංවිධානයකි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *