Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

රවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්

රවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නීතිඥවරයකු මෙන්ම ප්‍රමුඛ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ අභාවප්‍රාප්ත ලාල් විජේනායක මහතාගේ වියෝව වෙනුවෙන්, හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සිය ළමා වියේ සොඳුරු මතකයන් සහ පවුලේ බැඳීම් සිහිපත් කරමින් අතිශය සංවේදී උපහාර සටහනක් තබා තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් තබමින් සංගක්කාර, දිවංගත ප්‍රවීණ නීතිඥවරයාව “ලාල් මාමා” යනුවෙන් ආදරයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර, තමන්ට සහ තම සහෝදර සහෝදරියන්ට මුළු ජීවිත කාලය පුරාම දැක්වූ අපරිමිත දයාව සහ සෙනෙහස වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර ඇත.

“අපිට ඔබව දැඩිව දැනේවි ලාල් මාමා. මගේ ජීවිතයට වගේම මගේ සහෝදර සහෝදරියන්ගේ ජීවිතවලටත් ඔබ ලබාදුන් ආදරය සහ මඟපෙන්වීම වෙනුවෙන් මම සදාකාලිකවම ඔබට ණයගැතියි,” යනුවෙන් සංගක්කාර සංවේදීව සටහන් කර තිබේ.

නුවර ළමා වියේ රසවත් මතක

මහනුවර ගතකළ සිය සොඳුරු ළමා කාලය ආවර්ජනය කළ හිටපු සුපිරි පිතිකරුවා, තමන් කුඩා අවදියේදී සිය පියාගේ කාර්යාලය වෙත යන සෑම අවස්ථාවකදීම ලාල් විජේනායකයන් තමන්ට චොකලට් මිල්ක් සහ කෙටි කෑම සංග්‍රහ කළ අයුරු ආදරයෙන් සිහිපත් කළේය.

එමෙන්ම සෑම වසරකම තම උපන්දිනය වෙනුවෙන් තෑගි බෝග මිලදී ගැනීම සඳහා තමන්ව මහනුවර සුප්‍රකට ‘චම්පා ස්ටෝර්ස්’ (Champa Stores) වෙත රැගෙන ගිය ආකාරයත්, කැප්රිකෝන් (Capricorn), ලයන්ස් කැෆේ (Lyon’s Cafe) සහ ෆ්ලවර් සොන්ග් (Flower Song) වැනි නුවර සුප්‍රකට අවන්හල්වලින් පවුලේ සැවොම එක්ව ආහාර ගත් අයුරුත්, කුමාරගේ රෝටි කරත්තයෙන් රසවිඳි ගෝදම්බ රෝටිවල රසයත් ඔහු සිහිපත් කළේය.

සිය නිවසේදී තම පියා, ලාල් විජේනායක සහ විජය කුමාර් යන මහත්වරුන් එක්ව පැවැත්වූ උණුසුම් දේශපාලන සංවාදයන්ද සංගක්කාරගේ මතකයට එක්ව තිබිණි.

සීයාගේ වියෝව කී සංවේදී මොහොත

තම ළමා වියේ අතිශය හැඟීම්බර අත්දැකීමක්ද මෙහිදී සංගක්කාර අනාවරණය කළේය. එනම්, තම ආදරණීය සීයාගේ අභාවය සිදුවූ අවස්ථාවේදී, තමන්ව පාසලෙන් රැගෙන විත් කිසිදු කම්පනයක් ඇති නොවන අයුරින් ඉතා කරුණාවන්තව එම පුවත තමන්ට දැනුම් දුන්නේද ලාල් විජේනායකයන් බවයි.

නිරන්තරයෙන් පොත්පත්වලින් වටවී සිටි, තමන් සතු දැනුම, අදහස් සහ චින්තනය අන් අය සමඟ නොමසුරුව බෙදාගත් උතුම් මිනිසෙකු ලෙස ලාල් විජේනායකයන්ව හැඳින්වූ සංගක්කාර, තමන්ට සුප්‍රකට පර්සියානු කවියා වන ඕමාර් ඛයියාම්ගේ (Omar Khayyam) කාව්‍ය නිර්මාණ සහ ‘රුබයියාට්’ (Rubaiyat) සාහිත්‍යය හඳුන්වා දෙනු ලැබුවේද ඔහු විසින් බව ගෞරවයෙන් සඳහන් කළේය.

“අපේ ජීවිත සමඟ ඔබේ ජීවිතය බෙදාගැනීම ගැන ඔබට බොහෝම ස්තූතියි. ඔබේ අනන්‍ය වූ සුන්දර මිනිස්කමට ස්තූතියි. ඔබට උතුම් නිවන් සුව අත්වේවා!” යැයි පවසමින් සංගක්කාර සිය සංවේදී උපහාරය අවසන් කර තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනැගූ නීතිවේදියා

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නීතිඥවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් වූ ලාල් විජේනායක මහතා, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ විද්වතෙකි. ඒ මහතා ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභිකයෙකු ලෙසද කටයුතු කළේය.

ඒ මහතාගේ අභාවයත් සමඟ දේශපාලනඥයන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ එතුමාව පෞද්ගලිකව ඇසුරු කළ විශාල පිරිසක් සිය ශෝකය පළකරමින් සිටිති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *