පොහොර තොග ලැබුණා, බෙදා හැරීම ආරම්භ කරනවා – රමේෂ් පතිරණ

රටට අවශ්‍ය පොහොර තොග මේ වනවිට ලැබී තිබෙන අතර එය පිට පළාත් සඳහා බෙදාහැරීම් ආරම්භ කළ පසු ඉදිරි දින කිහිපය තුළ රට තුළ ඇතිවී තිබෙන පොහොර හිඟය අවසන් වන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (23) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මේ වනවිට කොළඹට පොහොර තොඟ ලැබී තිබුණද කොවිඩ්-19 වෛරසය නිසා රට තුළ ඇතිවී තිබෙන තත්වය මත කොළඹින් පොහොර තොඟ බෙදාහැරීමේ දී යම් යම් ගැටළු මතුව තිබෙන බවත්, පොහොර ලේකම් කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සඳහා යුද හමුදාවේ ද සහාය ඇතිව එම පොහොර අදාළ ප්‍රදේශවලට බෙදාහැරීමේ වැඩපිලිවෙලක් සකස්කර ඇති බවත් ඒ අනුව දැනටමත් යූරියා ඇතුළුව මූලික පොහොර ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වලට බෙදාහැරීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *