Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන ඇඳන් 2000කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන ඇඳන් 2000කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ දී ස්ථාපනය කෙරේ. දැනට වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලාවක් මේ සදහා ලබා ගැනීමට අපේක්ෂිතයි.

මීට අමතරව කටුනායක සහ මීරිගම ප්‍රදේශ වල වසා දමා ඇති කර්මාන්තශාලා 02 ක ගොඩනැගිලි ද ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ලබා ගැනීමට තීරණය කර තිබේ.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවති රැස්වීමක දී මෙම තීරණයට එළඹිණ.
ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රොගීන් 234 දෙනෙකු හදුනාගෙන ඇතැයි මෙහි දී අනාවරණය විය. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,029 කි. එය මෙරට සමස්ථ කොවිඩ් අසාදිත සංඛ්‍යාවෙන්

පහෙන් එකක් බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 248,387දෙනෙකු කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවයි. ඉදිරි දින කීපය තුළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයන්ට එම එන්නත දෙවන මාත්‍රාව ලබාදෙන බව ද ඔහු සදහන් කළේය. වර්ධනය වෙමින් පවතින කොවිඩ් තත්ත්වයට මුහුණ දීම සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් දිස්ත්‍රික්කය තුළ පිහිටූවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැරැල්ලවත්ත, මීරිගම හා කටුනායක වසා දමා ඇති කර්මාන්තශාලා තුනක් මේ සදහා හදුනාගෙන ඇතැයි කීවේය.

ඒ සදහා මැදිහත්ව එම කර්මාන්තශාලා තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ද ඔහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියේය. වහා ක්‍රියාත්මක වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මොහොතේම දුරකථනය ඔස්සේ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් සමග සාකච්ඡා කොට අදාළ කර්මාන්තශාලා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදීම සදහා අවශ්‍ය පියවර ගත්තේය. යෝජිත වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සදහා නාවික හමුදාව දැනටමත් සිය සහාය පළ කර ඇතැයි ද මෙහි දී  අනාවරණය විය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *