නාගානන්ද කෝටි 50

නාගානන්ද එකතු කළ මුදල රුපියල් කෝටි 50 කට අධිකයි..?

රටේ පවතින ප්‍රශ්න වලට සියලු විසදුම් තමන් සතුව ඇතැයි පවසමින් සිත් ඇදගන්නා සුළු යෝජනා සමගින් 2019 ජනාධිපතිවරණයේ විකල්ප බලවේගය වශයෙන් වසර කිහිපයක සිට විශාල ප්‍රචාරණයක් ගෙනගිය නාගානන්ද කොඩිතුවක්කු මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමත් සමග බොහෝ දෙනාගේ සිත් තුළ ප්‍රශ්නාර්ථ ගණනාවක් නිර්මාණය වී තිබේ.

ඒ අතර බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ 2019 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඒ මහතාට දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් ප්‍රදානය කල රුපියල් කෝටි ගණනක මුදලට කුමක් සිදුවූයේද යන්නයි.

නාගානන්ද මහතාට ලැබුණු මුදල රුපියල් කෝටි ගණනක්…

පසුගිය ජූලි මාසයේ ප්‍රවීණ දේශපාලන විචාරක දර්ශන හඳුන්ගොඩ සමග පවත්වන්නට යෙදුණු සම්මුඛ සාකච්ඡාවක් අතරතුර නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කලේ තමන්ගේ ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සඳහා දැනටමත් ජනතාව තමන්ට රුපියල් මිලියන 3 ක් ලබා දී ඇති බවත් ඉදිරියේදී එම අරමුදල රුපියල් මිලියන 600 (රු. කෝටි 60 ක්) ඉක්මවා යනු ඇති බවත්ය. (එම පුවත මෙතනින්)

තම රජයක් යටතේ ජනතාවගේ විශ්වාසය කඩකරන මැති ඇමතිවරුන්ට ඉතිරි වන්නේ සිය දිවි නසා ගැනීම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීම පමණක් බවත් ප්‍රකාශ කර සිටි නාගානන්ද මහතා 2019 ජනාධිපතිවරණයට මසකට වඩා වැඩි කාලයක් තිබියදී දේශපාලනික වශයෙන් සිය දිවි නසාගෙන ඇති බව සාමාන්‍ය මහ ජනතාවගේ පවා අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *