ඡන්දය දියයුත්තේ කාටදැයි ජනතාව තීරණය කර අවසන් – අගරදගුරුතුමන් කියයි

ඡන්දය දෙන්නේ කාටද කියලා ජනතාව දැනටමත් තීරණය කර අවසන් බවත් පරදින අය නමිබුකාර විදියට අලූත් අයට රට භාරදීය යුතු බවත් අගරදගුරු
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.
උතුරු කළුතර අශෝකාරාම වීහාරස්ථානයේ පැවැති දහම් පාසල් උත්සවයකට පහුගියදා සහභාගී වෙමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමියෝ මෙසේ කීහ.

“අද සමහර වැඩිහිටියන් හැසිරෙන ආකාරය දුටුවීට අපට සාධාරණ ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා දරුවන් කුඩා කල සිටම ධාර්මික පැවැත්ම කරා ගෙන යා යුතුයි. ආගමික නායකයන් රට තුළ ධාර්මික පිබිදීමක් ඇති කළ යුතුයි. ඒ සඳහා දහම් පාසල් විශාල මෙවලමක් වෙනවා. දෙමවුපියන් රට වෙනුවෙන් කරන යුතුකමක් ලෙසහොඳින් ඉගැන්වීම දෙමවුපියන්ගේ බලාපොරොත්තුවයි. ටියුෂන් යෑම දරුවන් ධර්මයෙන් ඈත්වීමට හේතුවෙනවා. කුඩා කල සිටම ඔවුන් ආගමික නැඹුරුව අත්හැරීමෙන් රටට සිදුවන්නේ පාඩුවක්, ශීලාචාරකම හා යහපත් ගති පැවතුම්
දරුවන්ට උගන්වන්නේ දහම් පාසල් තුළින්. ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් පන්ති තහනම් කළ යුතුයි කියන හඩක් බොහෝ කාලෙක ඉදලා තිබුණි. මේ සම්බන්ධයෙන් ඇමතිවරයෙක් පාර්ලිමේත්තුවට පනතක් ගෙන එන බව දැනගන්නට ලැබුණා. ඒ විජේදාස රාජපක්ෂ මහතා, මම ඒ මහත්තයාට කතා කරලා ස්තුති කළාම ඒ මහත්තයා කිව්වේ ටියුෂන් ගුරුවරු පිරිසක් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තියනවා කියලයි. ඒ ටියුෂන් ගුරුවරුන්ට විරුද්ධව මම උසාවි ගියා. එම පනත සාධාරණ බවත්, ඉන් මූලික අයිතීන් උල්ලංඝනය නොවන බවත්, උසාවිය තීරණය කළා.

ඒ අනුව මේ පනත පාර්ලිමේත්තුවට ඉදිරිපත් කරලා වැඩි ඡන්දයෙන් සමිමත වුනාම ඇති. 2/3ක් හෝ ජනමත විචාරණයක් මීට අවශ්‍ය නැහැ. අපිට රටේ දරුවන්ගේ ආගමික අධ්‍යාපනය වෙනුවෙන් මම පනත සම්මත කරගන්න කියලා රටේ නායකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

ලංකාවේ අය ජන්ද කරන හැටි අපට පේනවා. එකිනෙකාට චෝදනා කරමින් යටිගිරීයන් කෑ ගහනවා. සද්දේ වැඩි කරන තරමින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ මෝඩකම තමයි. කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන් නැහැ. ඡන්දෙ දෙන්න‍ෙ කාටද කියලා මේ වෙනකොට ජනතාව තීන්දු කරලා ඉවරයි. ඔළුව පාවිච්චි කරලා සුදුසු කෙනාට ඡන්දෙ දෙන්න ජනතාව දන්නවා. කෑගහලා කාටවත් මඩගහන්න අවශ්‍ය නැහැ, ලංකාවේ ඉන්නේ ඡන්දෙ දාගන්න පුළුවන් උගත් අය මේ දේශපාලනඥයන් ශීලාචාර වන්න පුරුදු විය යුතුයි.නමිබුකාර විධියට අලුත් අයට භාර දී යා යුතුයි. දිනපු අය ආඩම්බර නොවී පැරදුනු අයට හිරිහැර නොකර නම්බුකාර විදියට රට ඉදිරියට රැගෙන යා යුතුයි. සමහර හිතාග‍ෙන ඉන්නේ සදාකාලිකව රට පාලනය කරන්නේ තමන් කියායි. මේ අය ජනතාවගේ බුද්ධියට ගරු කළ යුතුයි.

අපේ සංස්කෘතිය හැදී තිබෙන්නේ බෞද්ධ ධර්මය තුළින්. අප සියලු දෙනා බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ජීවත්වීමට වෑයම් කළ යුතුයි. අනෙක් ආගම් පෝෂණය වන්නේද බෞද්ධ ධර්මය තුළින්, ආගමික නායකයන් ලෙස. අප කටයුතු කළ යුත්තේ ලස්සන රටක් හදා ගැනීමටයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *