මානසික පීඩාවක්ද ? සහනයට 1926 අමතන්න

සියදිවි නසා ගැනීමට හේතුවන මානසික පීඩාවන් වළක්වමින් ඒවා සුවපත් කරගැනීමේ වැඩසටහනක් නවෝදය මනෝ චිකිත්සක ප්‍රතිකාර සේවාව මගින් ක්‍රියාත්මක කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව සෑම තත්පර 40කට වරක්ම වටිනා මිනිස් ජීවිතයක් සියදිවි නසාගැනීම හේතුවෙන් අහිමිවන බව වාර්තාවේ. ඒ අනුව  අකාලයේ අහිමිවන එවැනි ජීවිත රැකගනු පිණිස ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය  මගින් 1926 දුරකථන අංකය හරහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

සියදිවි නසාගැනීමට කල්පනා කරන අයට, ඒ පිළිබඳ සැකයක් ඇති අය මේ සඳහා යොමුකළ හැකි බව එම ආයතනය දන්වා සිටී.1926 අංකය පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවක් වන අතර 120කට අධික දුරකතන උපදේශනය පිළිබඳ මනා පුහුණුව ලත් වෘත්තිකයන්ගෙන් සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *