එවරස්ට් කන්දේ උස තවත් අඩි 3 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යයි

නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇති ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්දෙහි උස නිල වශයෙන් ගණනය කළ ප්‍රමාණයට වඩා තවත් මීටර් බින්දුවයි දශම අටයි හයක් (0.86m) උස බව නේපාල සහ චීනය ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නේපාලය සහ චීනය යන රටවල් දෙකම තනි උසක් ගණනය කර සහතික කළ පළමු අවස්ථාව මෙය බවයි. මින් පෙර චීනය පැවසුවේ එය අඩි 29,017 ක් බවයි. ඒ අතර නේපාලය පැවසුවේ එය අඩි 29,028 උස බවයි.

ඒ අනුව එවරස්ට් කන්දෙහි නව උස වන්නේ මීටර් 8,848.86ක් නැතහොත් අඩි 29,031 ක් උස බවයි සදහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *