කොවිඩ් හේතුවෙන් මෙරට සිදුවූ ලාබාලතම මරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්.

මෝදර ප්‍රදේශයේ පදිංචි දින 20ක් පමණ වයසැති බිලිඳෙකු ඊයේ  අලුයම රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ හවස මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතිබව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටියේය.

බිලින්දා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදීත් තදබල ලෙස නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත් කොවිඩ් යැයි සැක පල වීම හේතුවෙන් සිදුකල PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇති බවට ද තහවුරු වී ඇත.

බිළින්දාගේ දෙමාපියනට කොවිඩ් ආසාදනය වී නොතිබීම විශේෂත්වයක් වන අතර බිළින්දාට කොවිඩ් වැලදුනේ කෙසේදැයි සොයාගෙන නොමැත.

රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ මෙය කොවිඩ් නිසා සිදුවූ මරණයක් නොවන බවත් දරුණු නියුමෝනියා තත්වය මෙම මර්ණයට හේතුව බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *