‘‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” එළි දැක්වීම ඉදිරියේදී සිදු කරනවා – කුමාර වෙල්ගම

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ‘‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් ඇරැඹීමට සූදානම් වේ.

මන්ත්‍රීවරයා පවසන්නේ එම පක්ෂයේ නායකත්වය තමා හොබවන බවත් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක් තමා සමග එකතු වීමට සූදානම්ව සිටින බවත්ය. මේ වනවිට පක්ෂය පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන්ව ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා තම පක්ෂයේ නිල එළිදැක්වීම ඉදිරියේදී සිදු කරන බවත් එම පක්ෂය හරහා අනිවාර්යෙන්ම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *