සහරාන්ගේ

අනතරේ 21ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරත වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් 21 දෙනෙකු පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔවුන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත‍්‍රාත් ලක්මාලි විජේතුංග ලබාදුන් නියෝගයට අනුවයි. මංමාවත් පනත උල්ලංඝණය කිරීම සහ අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.

මෙම සිසුන් පිරිස මෙලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කළේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින්. සත්‍යග‍්‍රහයේ නිරත එම සිසුන් පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර එම ස්ථානයට පැමිණ දැනුම්දීමක්ද සිදුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *