නාවික හමුදා දායකත්වයෙන් මන්නාරම රෝහල අවට පිරිසිදු කිරීමේ සමාජ සත්කාරයක්

මන්නාරම රෝහල හන්දියේ සිට එළුවතූර් හන්දිය දක්වා වූ මාර්ගය දෙපස ප්‍රදේශය පිරිසිඳු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදි.

ඒ අනුව , නාවික හමුදාධිපත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නීල හරිත පාරිසරික සංකල්පයට සමගාමීව පරිසරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක් මන්නාරම රෝහල හන්දියේ සිට එළුවතූර් හන්දිය දක්වා උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පවත්වන ලදි. මන්නාරම මහනගර සභාව සමග එක්ව සිදු කරන ලද මෙම කටයුත්ත සඳහා නාවික පුද්ගලයින් 45 දෙනෙකු සහ මන්නාරම මහ නගර සභාවේ සේවය කරනු ලබන සේවකයින් 20 දෙනෙකුද සහභාගී විය.

තවද, මෙ‍ම සමාජ සත්කාරය සිදු කිරීමට දායකත්වය දැක් වූ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මාතොට විහාරයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ සහ සාන්ත සෙබස්තියන් දේවස්තානයේ පූජකතුමන් විසින් ප්‍රශංසාව ප්‍රකාශ කර සිටින ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *