අපි බැට කෑ දෙවන රැල්ල ඕස්ට්‍රේලියාවෙන් මෙල්ල කලේ මෙහෙමයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය කොරෝනා දෙවෙනි රැල්ල මෙල්ල කිරීමෙහිලා අති සාර්ථක විය.
කොවිඩ් 19 හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් වාර්ථා වූ මරණ සංඛ්‍යාව 907 කි ඒ අතරින් 819 දෙනෙකුම වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ය.
දෙවන රැල්ලද වික්ටෝරියා ප්‍රානතයේ ප්‍රධාන නගරය වන මෙල්බන් හී හිස එසවූයේය.
මේ හෙතුවෙන් ඕස්ට්‍රේලියානු රජයට තීරණයක් ගැනීමට සිදුවිය ඒ අනුව ඔවුන් මෙල්බන් නගර සීමාවට අයත් සියලු ප්‍රදේශ මාස හතරකට ලොක්ඩවුන් කරන ලදී. මිලියන පහක් වූ මෙල්බන් වැසියන්ට නිවෙස් වලම රැදීමට නියෝග ලැබුනි. දැඩි සංචර්ණ සීමා හෙතුවෙන් වෙළදසැල් අවන්හල් වසා දැමුනි.
රාත්‍රි කාල්‍යේ ඇදිරි නීතියත් සමග දින 112 වසා දැමු නගරය විවෘත කරනු ලැබුවේ ඔක්තෝම්බර් මස අගදීය.
මේ ක්‍රියාවලිය හේතුවෙන් ඔක්තෝම්බර් 25 වෙනිදා සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් එකඳු රෝගියෙකු හෝ වාර්තා නොවිණි.

කොරෝනා දමනය කලේ මෙහෙමයි

කොරෝනා වෛරසයෙන් පීඩා විදිනා අනෙක් රටවල් හා සසදා බැලීමේදී මිලියන 25ක ජනතාවක් වෙසෙන ඔස්ට්‍රේලියාව තුලින් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 28,000ක් පමණි.

ඔවුන් නගර ලොක්ඩවුන් කලා මෙන්ම රෝගය පැතිර යාම වැළැක්වීම සදහා දෛනික පරීක්ෂණ විශාල වශයෙන් සිදු කරමින් රෝගීන් හදුනා ගැනීමට ක්‍රියා කලේය.
නගරය ලොක්ඩවුන් කිරීමෙන් අනතුරුව වෛරස් ආසාදිතයන්ගේ උපරිමය ජුලි මාසයේදී දක්නට ලැබුනද එය පසුව ක්‍රමයෙන් පහළ යනු ලැබුවේය.

ලොක්ඩවුන් සීමා අතරතුර ජන ශුන්‍ය වූ මෙල්බන් නගරය
ලොක්ඩවුන් සීමා අතරතුර ජන ශුන්‍ය වූ මෙල්බන් නගරය

ජීවන වියදම් පියවූයේ කෙසේද?

ලොක් ඩවුන් සීමාව තුල බොහෝ දෙනෙකුට රැකියා අහිමි වුවත් ලොක් ඩවුන් සීමාවලට අවනත වීම හා පුරවැසි වගකීම අවබෝද කරගනිමින් දුෂ්කර වුවත් එයට අනුගත වීමට නගර වැසියන්ට සිදුවිය.
කුලී නිවෙස් පදිංචි කරුවන්ට මාසික කුලිය ප්‍රමාද වී ගෙවීමට සලසා දීම රැකියා ස්ථානයන්ගෙන් සහන ලැබීම රැකියා අහිමි වූවන්ට සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම හේතුවෙන් නගර වැසියන්ට විශාල මානසික සහනයක් හිමිවිය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු රජය සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා ව්ශාල මුදලක් වැය කර ඇත. එලෙසම සේවකයන් රැකියාවෙන් නෙරපීම වැළකීමට ආණ්ඩුවෙන් ව්‍යාපාරික ස්ථාන වෙත මුදල් ලබා දුන්නේය.

රැකියා අහිමි වූවන්ට ආණ්ඩුවෙන් ගෙවීමක් සිදුකල අතර අඩු ආදායම් ලාබි පවුල් සදහා ගෙවීමක්ද සිදුකරන ලදී.

ඔස්ට්‍රේලියාවේ ඇතැම් කණ්ඩායම් ලොක්ඩවුන් සීමා පැනවීම සම්බන්ධයෙන් විරෝධය පළ කළහ
ඔස්ට්‍රේලියාවේ ඇතැම් කණ්ඩායම් ලොක්ඩවුන් සීමා පැනවීම සම්බන්ධයෙන් විරෝධය පළ කළහ

ආණ්ඩුවට එල්ල වූ චෝදනා

වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව ඇමරිකාව, එක්සත් රාජධානිය හා සසදන විට “ආලෝක වර්ෂ ගණනාවකින් ඉදිරියෙන්” සිටින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

කෙසේ නමුත් කොරෝනා වෛරසය පාලනය කල ආකාරය සම්බන්ධයෙන් බරපතල අත්වැරදීමක් සිදුව ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන්ට චෝදනා එල්ල වේ.

ඕස්ට්‍රේලියාවට පැමිනෙන පුද්ගලයන් හට නිරෝධානය වීමට හෝටල් කාමර වෙන් කර තිබුනද ඒවායෙහි තිබූ ආරක්ෂක ක්‍රම වේදයන් හී තිබූ අත්වැරදීම නිසා හෝටල් කාරය මණ්ඩලය වෛරසය ආසධනය වී සමාජ ගත වී දෙවෙනි රැල්ල ආරම්භ වීමට හේතු වීම නිසා මෙම චෝදනා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *