පොලිස්

පොලිසියේ ඊමේල් අතුරුදන් !

2017 වසරේ සිට පොලිස් ප‍්‍රධාන පරිගණක පද්ධතියේ තිබූ සියලූම විද්‍යුත් ලිපි අතුරුදන් වී ඇති බව රජයට හෙළි වී තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

එම වසරේ සිට පාස්කු ප‍්‍රහාරය සිදු වූ 2019 වසර දක්වා ලිපි අතුරුදන් වී ඇති බවත් මෙයට පොලිස් මූලස්ථානය විසින් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත යැවූ ලිපි ද ඇතුළත් වන බවත් දිවයින පුවත්පත වාර්ථා කර තිබෙනවා.

මෙලෙස වසර 3 ක් තුළ ලිපි දස දහස් ගණනක් හදිසියේම අතුරුදන් වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *