ගෝඨාභය ජය ගනී

සජිත් පරදා ගෝඨාභය නිල වශයෙන් ජයගනී..

අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයේ සහෝගය ලබාදෙන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. මෙවර ජනාධිපතිවරණයේදී නිදහස් පක්ෂය සහයෝගය ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටද නැතිනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුන අතර පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා සඳහන් කලේ නිදහස් පක්ෂයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවයි.

ගෝඨාභය මහතාට සහාය දැක්වීම ගැන අදහස් දැක්වූ නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතිගරු ජනාධිපති මෛතීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් අපි විශාල කැපකිරීමක් කලා අපගේ පක්ෂය නැවත ගොඩනැගීම සඳහා, ශක්තිමත් කිරීම සඳහා.

අපේ පාක්ෂිකයන්ගේ විශාල ඉල්ලීමක් තිබුණා අපේ අපේක්ෂකයෙක් ඇයි ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. අපි කල්පනා කලේ ඒ විදියට ඉදිරිපත් වෙලා අපි යම් ඡන්දයක් ඉල්ලුවා නම් අපේ ප්‍රතිවාදී අපේක්ෂකයෙක් නැතිනම් රටට අනවශ්‍ය කෙනෙක් සමහර විට පත්වෙන්න තිබුණ ඉඩකඩ වැඩියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම හිටියේ ජාතිවාදී බලවේගත් එක්ක නෙමෙයි . අපි ඉතා පැහැදිලිව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන සියලු ජාතීන් එකට එකතු කරගත්ත සඟ-වෙද-ගුර-ගොවි-කම්කරු කියන බලවේග එකතු කරගත්ත මැද මාවතේ හිටපු පක්ෂයක් ඒ නිසා අපිත් එක්ක හිටපු බලවේග අතිවිශාල ප්‍රමාණයක් පොදු ජන පෙරමුණත් එක්ක තමයි ගමන් කරමින් සිටියේ අපේ පක්ෂය දෙකට බෙදිලා තිබුණා. ඒ නිසා අපට උවමනා කළා අපේ ඒ දැවැන්ත බලවේග තිබෙන ක්ෂේත්‍රයත් එක්ක අපේ ගමන් මාර්ගය ඉදිරියට ගෙනියන්න. ඒ නිසා අද අපේ ජාතික ව්‍යාපාරයේ ඉන්නේ, වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී බලවේග මේ සියල්ලක්ම ඉන්නේ අපේ පාර්ශවයත් එක්ක රටට ආදරය කරන රටේ අනාගතය ඉදිරියට ගොඩනැගිය යුතුයි කියා කල්පනා කරන මේ රට විකුණන්න ඕන නැහැ කියලා කල්පනා කරන ඒ සියලු බලවේගත් එක්ක තමයි අපේ මේ සියලු ශක්තිය එකතු කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් පාවා දෙන්න අපි සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලී බලවේගත් සමට එකට එක මාර්ගයක යනවා. ඒ ගමන් කිරීමේදී ඒ මාවතේ ඉන්න අපේක්ෂකයා විදියට අපි දකින්නේ ගෝඪාභය රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සම්පූර්ණ සහයෝගය ශක්තිය අපි ලබලා දෙනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *