ජනපතිගේ සැප රිය දෙකට බදු ගෙවන්න දස කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක්

ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ 02 ක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප‍්‍රතිපාදන ලෙස රුපියල් දසකෝටි දස ලක්ෂයක මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
එම වියදම්වලට අමතරව ජනපතිවරයා වෙනුවෙන් ගමන් කථන යන්ත්‍ර 20ක් මිලට ගැනීමට එම ඇස්තමේන්තුවෙන් රුපියල් 6,298,000ක් ද ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *