LK reports news sinhala

අලි සබ්රිගෙන් මුස්ලිම් ජනතාවට පණිවිඩයක්

මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණේ සමුළුවකදීයි.

මධුමාදව අරවින්ද මහතා විසින් පසුගියදා සිදු කළ ඉතාම පහත් ප්‍රකාශය හෙළා දකින බවත් ඒ පිළිබඳ දැනුම් දිය යුතු සියලු අංශ වෙත දැනුම් දුන් බවත් ඒ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ පිළිබඳව දැනුම් දුන් පසු පිවිතුරු හෙළ උරුමයේ සියලු තනතුරුවලින් මධුමාදව අරවින්ද මහතා ඉල්ලා අස් වු බවට ඒ මහතා එස් එම් එස් පණිවුඩයකින් දැනුම් දුන් බවත් අලි සබ්රි මහතා පැවසීය.

ජාතී වාදය කුමන පැත්තකින් මතු වුව ද ඊට විරුද්ධව නැඟී සිටින බවත් ජාති වාදින් සමඟ එක්ව ගමනක් යා නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට එක් විය යුතු බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් නැවතත් හකීම්, බදියුදීන් කිසි ලෙසකින්වත් ළං කර ගත යුතු නැති බවත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිවාදියෙක් නොවන බවට ඉතා හොඳින් හදුනන බවත් අලි සබ්රි මහතා පැවසීය. ගෝඨාභය මහතා ඉතාමත් නිහතමානී දූරදර්ශී නායකයෙක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(උපුටා ගැනීම – අද දෙරණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *