සජිත් ප්‍රේමදාස ආශිර්වාද ලබයි

2019 ජනාධිපතිවීම පිණිස මහා සංඝරත්නය සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කරයි..

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයට ආශිර්වාද පිණිස අද දින උදෑසන මහ නුවර දළදා මාළිගාව වන්දනා කර ගත්තා. ඉන් අනතුරුව ඒ මහනුවර වැල් බෝධිය අසළ භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ ආශිර්වාද පූජාවකට සහභාගී වුන අතර එම ආශිර්වාද පූජාවට භික්ෂූන් වහන්සේ 500 නමක් පමණ වැඩම කර සිටියා. එහිදී අස්ගිරි පාර්ශවයේ අනු නායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රට දියුණුවීමට රටේ නායකයා ධාර්මික වීම සම්බන්ධයෙන් විශේෂ අනුශාසනාවක් ද පැවැත්වුවා.

සජිත් ප්‍රේමදාස ට මල්වතු-අස්ගිරි මහා නායක හිමිවරු ආශිර්වාද කරයි..

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ප්‍රේමදාස මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මා හිමියන් වන්දනා කොට ආශිර්වාද ලබා ගත්තා.

මේ අතරවාරයේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ නොවැමබර් 16 වෙනි දින තමන් මේ රටේ ජනාධිපතිවරයා වීමෙන් පසු පළමු පැය 24 ඇතුලත රට ගොඩනගම ජනාධිපති කාර්ය සාධක බලකායන් රාශියක් ඇති කරන බවයි. ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ පොලීසියේ, හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සෙසු ආරක්ෂක අංශවල වැටුප් විශමතා සහ සෙසු ගැටළු වලට කඩිනමින්  විසදුම් ලබාදීමට හැකි ක්‍රමවේදයක් තමන් ජනාධිපති වී පළමු 24 පැය තුල සිදුකරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව ආශිර්වාද ගැනීම පිණිස බැහැ දැක්කේ රාමඤ්ඤ නිකාය‍ේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මා හිමියන්වයි. මහනුවර බූ වැලිකඩ පොත්ගුල් මහා විහාරයේදී භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *