රනිල්ගේ නායකත්වය යටතේ එජාපය දියාරු වී ගියා – චන්ද්‍රානී බණ්ඩාර

සමගි ජන බලවේගය හරහා කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමක් නොමැතිව මැතිවරණය සඳහා ඉදිරිපත්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පවසයි. එතුමිය මේ බව සදහන් කළේ අනුරාධපුරයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා වසර 26ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළද පක්ෂයේ කිසිදු නැගිටීමක් නොදැක්ක බවත් දිනෙන් දින පක්ෂය දියාරු වී ගිය බවත් එම නිසා පක්ෂය තුල යම් කිසි වෙනසක් ඇති කළ යුතු බව පාක්ෂිකයින් නිරන්තරයෙන් පැවසු බව ද චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය. ඒ සඳහා පාක්ෂිකයාගේ කැමැත්ත වුයේ සජිත් ප්‍රේමදාස මහතා බවද ඇය පැහැදිලි කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *