ඝන අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවීම මැයි මාසයේ ඇරඹේ

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

කෙරවලපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතිය පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කර ඇති අතර එමගින් නිපදවන විදුලි බලය මිල දී ගැනීමට ලංකා විදුලි මණ්ඩලය තීරණය කර තිබේ. මෙම විදුලි බලාගාරය ඉදි කිරීම් කටයුතු දැනට අවසන්ව තිබෙන අතර එහි විදුලිය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

විදුලි බල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැති රැස්විමක දී අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ කැලි කසල ගැටළුවට මෙමගින් තිරසාර විසඳුමක් ලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *