කථානායක වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සමු දෙයි

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතා සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත නැවත භාර දී ඇත.

ඉන් අනතුරුව ඔහු අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් කාර්යයමණ්ඩලය ට සමු දුන් අතර සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්ත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව කාර්යයමණ්ඩලයට ප්‍රශංසා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *