[Video] රන්ජන් පාර්ලිමෙන්තුවේදී විශේෂ ප්‍රකාශයක, සියළු දෙනාගෙන් සමාව අයදී

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.

ඔහු කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා පවුල් ගැටළු ඇතිවූ, සිත් තැවුල් ඇතිවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. එම හඬ පට අඩංගු දෘඩ තැටි තම සන්තකයේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරන සොරුන්ට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් බවයි.

දුෂණයට එරෙහිව මා සමග කතා කළ තොරතුරු දුන් අධිකරණ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා, පටන් ගත් සටන ජයග්‍රහණය තෙක් අත්නොහරින්නයි කියලා රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ මෙම හඬ පට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කොමිසමක් පත් කළ යුතු බවයි. එලෙස විශේෂ කොමිසමක් පත් කිරීමට හැකි නම් සිදුකරන ලෙසත් එම කොමිසමට තමන් ෆයිල් පිටින් රැගෙන එන බවයි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියේ.

 

දර්ශණ අනුග්‍රහය Newsfirst Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *