දුරකතන සංවාද හේතුවෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්

රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව නියෝග කර තිබෙනවා.

රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරනු ලැබුවා. එය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිල්පිටියගේ වැඩ තහනම් කිරීමේ නියෝගය අද (21) පස්වරුවේ නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *