Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ආර්ථික

රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනයයි – ජනපති

රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග  ලාභ උත්පාදනයයි – ජනපති

සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව එතුමා පෙන්වා දෙයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඝෘජුවම දායකවන රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

“2005-2014 කාලය තුළ අපේ රට ආර්ථික වර්ධනය අතින් ආසියාවේ මුල් තැනක තිබුණා. ගත වූ වසර කිහිපයේ දී ආර්ථික වර්ධනය පහළ ගියා. ආර්ථික පුනරුදයක් ඇති කිරීම අද අප හමුවේ ඇති විශාලම අභියෝගයක්” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

ආර්ථිකය යළි ගොඩනැගීමේ දී නව තාක්ෂණය උපයෝගි කොට ගත යුතුය. පුහුණු ශ්‍රමය තවත් වැදගත් සාධකයකි. ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමයේ ද අවශ්‍ය වෙනස්කම් කළ යුතුය. එහිලා තෘතීයික අධ්‍යාපනයට තරුණ තරුණියන් වැඩි වැඩියෙන් යොමු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

“ජනතාවට සේවය කළ හැකි සහ ආර්ථික වර්ධනයට වැඩිපුර දායක විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන දියුණු කළයුතුය. සංචාරක මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට එහිදී ප්‍රමුඛ වගකීමක් පැවරේ. පසුගිය සමයේ නැගුණු චෝදනාවලින් මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක විය යුතුය”. ජනාධිපතිතුමා කියා සිටියේය.

කොළඹින් පිට පළාත්වල ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කිරීම නාගරික තදබදයට විසදුමක් ලෙස පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා ඔවුනට නව තාක්ෂණය සහ දියුණු යටිතල පහසුකම් සපයා දිය යුතු බව සඳහන් කළේය. මේ ව්‍යායාමයේ දී උද්ගත වන සියලු ගැටලු වලට විසඳුම් දීමට තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව තම කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලිමක් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *