ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දින වෙන්කර ගැනීමට ඔන්ලයින් පහසුකම

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් වෛද්‍ය සහතික ලබා ගැනීමේ දී ඊට අවශ්‍ය දිනය වෙන් කරවා ගැනීමේ ඔන්ලයින් යෙදවුම හඳුන්වාදීම අද (21) සෙත්සිරිපායේදී පැවැත්වුණි. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම නවතම යෙදවුම මෙම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට භාවිතා කිරීමේ හැකියාව ලැබේ. මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වෛද්‍ය සහතික පත් ලබා ගැනීමේ දින වෙන් කරවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට මෙමගින් අවස්ථාව උදාවේ.

මින් පෙර වෛද්‍ය වාර්තා ලබා ගැනීමට අවශ්‍ය පිරිස් දින වෙන් කරවා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ප්‍රවාහණ වෛද්‍ය ආයතනය වෙත පැමිණීමට සිදු වූ අතර නව ක්‍රමය හදුන්වාදීම මගින් විශාල සහනයක් සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *