මෝදිගෙන් මාලදිවයිනට ලැබෙන්න යන අපූරු තෑග්ග

මාලදිවයින තුළ  ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම් සඳහා කටයුතු යොදන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලින් වෙත පවසා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

දෙරටේ නායකයින් අතර පැවැති වීඩියෝ සංවාදයක් අතරතුරදී ඉන්දීය අගමැතිවරයා මෙම පොරොන්දුව ලබා දී තිබේ. මීට අමතරව පිළිකා රෝහලක් ඉදිකිරීම සදහා කටයුතු යොදන බව අගමැති මෝදි මෙහිදී පවසා ඇත.

“මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව කැපවෙනවා, ඒ වගේම ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ අනන්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය අපගේ සහයෝගිතාව වර්ධනයටත් අපි කැපවෙනවා.” මෝදි මෙහිදී පවසා ඇත. මීට පෙරදී ඉන්දීය අගමැතිවරයා මාලදිවයිනේ ජාතික වෙරළාරක්ෂක බළඇණිය වෙත නිරීක්ෂණ යත්‍රාවක්ද පිරිනමා තිබුණි. මෙය සිය සාගරීක දේශසීමාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලැබුණු වටිනා තෑග්ගක් බවටද මාලදිවයින් ජනපතිවරයා එවර සදහන් කළේය. ඉන්දියාවේ සංචාරය කළ මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව මෙම යාත්‍රාව ලැබී තිබුණි.

Leave a Reply

Your email address will not be published.