බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනියටත් කෝවිඩ්-19 ආසාධනය වේ

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනි නේඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මේ වනවිට ඇමැතිනිය සිය නිවසට වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බව පැවසේ.

“වයිසරය මට ආසාදනය වී ඇති බව තහවුරු කරගත්තා. එය දැනගත් විගස මම සියලු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළා” යැයි ඇය පවසා ඇත.

කෙසේවෙතත් අගමැති සමඟ ගනුදෙනු කළ පුද්ගලයන් 100කට අධික පිරිසක් මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ ඇමැති මණ්ඩලයට වයිසරය ආසාදනය වූ පළමු අවස්ථාව වශයෙන් කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකයකු වන සෞඛ්‍ය ඇමැතිනිය සැලකිය හැකි බව බලධාරීහු සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *