Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රැකියා විරහිත උපාධිධාරීන් නියුක්ත කිරීමේ වැඩසටහනින් සුදුසුකම් ලැබූ අයගේ ලේඛණය අන්තර්ජාලයට

රැකියා විරහිත උපාධිධාරීන් නියුක්ත කිරීමේ වැඩසටහනින් සුදුසුකම් ලැබූ අයගේ ලේඛණය අන්තර්ජාලයට

රැකියා විරහිත උපාධිධාරීන් නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ අයවලුන්ගේ ලේඛණය අද (11) දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කරන බව ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටී.

පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු යැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද ලිපි නොලැබූ අය ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් ඇති කරගතයුතු නැති බවද අදාළ නිවේදනයෙන් දන්වා සිටී. ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නා ලෙසද එම නිවේදනයෙන් තවදුරටත් ඉල්ලා සිටී.

ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සළකනු ලැබේ යනුවෙන් සඳහන් වුවද පවතින තත්වය යටතේ එය බලාත්මක නොවන බව මෙම නිවේදනයේ සඳහන් වේ.

මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමා වී දින 05 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභ හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දෙනු ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *