දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයෙන් එන සියළු පිරිස් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට

Share this Article

දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලුම දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයම මෙම කටයුත්තට යොදා ගන්නා බවයි.

එමෙන්ම දින 5ක් ඇතුළත එනම් පෙබරවාරි 25-29 දක්වා දකුණු කොරියාවෙන් පුද්ගලයින් 419 ක් හා ඉතාලියෙන් 726 ක් ලංකාවට පැමිණ ඇති බවත්, මෙලෙස නිරෝධායන කටයුතුවලට ලක් කරන බව පැවසු විට ලංකාවට පැමිණෙන එම සංඛ්‍යාව අඩු වෙනු ඇතැයි අපේක්ෂ කරන බවත් ඔහු පැවසීය.

මෙම කර්තවය අපහසු කටයුත්තක් බවත්, ලංකාවට කොරෝනා තත්ත්වයක් ඇති වුවහොත් එය ජාතික ආපදා තත්ත්වයක් බවට පත් වෙනු ඇති බවත් එබැවින් අපහසුතා රැසක් මධ්‍යයේ මෙම කටයුත්තට මුලපිරන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.


Share this Article

Leave a Reply

Your email address will not be published.