ආගමික ස්ථාන මැතිවරණ ප්රචාරණයට යොදා නොගන්නැයි ආගමික නායකයින් දැනුවත් කෙරේ

ආගමික සිද්ධස්ථාන මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගැනීම වැළැක්වීමේ අවශ්යතාව පිළිබඳව සියළුම ආගමික නායකයින් දැනුවත් කිරීමට මැතිවරණ කොමිශන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් අද (03) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවේය.
එමෙන්ම ඉදිරියේදී දිස්ත්රික් ලේකම් වරුන් හරහා සියලුම ආගමික ස්ථාන භාර ආගමික නායකයින් මේ පිළිඹද දැනුවත් කිරීම සිදු කරන බවටත් ඔහු වැඩිදුරටත් පැවසීය.
