මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙන බව
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඔහු වැඩි දුරටත් පවසා සිටියේ අද දිනයේද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබු බවත් එය අද දිනයේ දී ඕමාන් බලා පිටත්ව ගිය බවයි. එමෙන්ම නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවල සිටින මගීන් මෙරටට ගොඩ බැස්සවීම තහනම් කර ඇති බවත් පැවසීය.
විශේෂයෙන්ම සුඛෝපභෝගී නෞකාවල ගමන් කරනු ලබන්නේ වැඩිහිටි ප්‍රජාව බවත්, කොරෝනා රෝගී තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ එවැනි වයස් කාණ්ඩ වල පසුවන අය වන බැවින් මෙම තීරණයට එළැඹුනු බවත් මෙවැනි නෞකාවල ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් බොහෝ ජනතාව ගමන් කරනු ලබන බවත් අනිල් ජාසිංහ මහතා පැවසීය.