ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සැලසුම් කළ අල්කයිඩා හා සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

ත‍්‍රස්ත ප‍්‍රහාරයකට සැලසුම් කරමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් අල්කයිඩා සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් බවයි.

සැකකරුවන්ගෙන් හය දෙනෙකු බටහිර බෙංගාල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසන්නේ, බටහිර බෙංගාලයේ සහ කේරළ යන ප‍්‍රාන්තවල වැදගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් ඔවුන් ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *