Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්පාඩු ලබන රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමේ මෙහෙයුම අරඹයි: ප්‍රධාන රාජ්‍ය ආයතන 51ක ලාභය රුපියල් බිලියන 259 පනීනව තරග වාර්තා 30ක් බිඳදමමින් 36 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නිමාවෙයි: ගම්පහ සහ මහනුවර සමස්ත සම ශූරතාව දිනාගනීසබරගමුවේ උසස් පෙළ විශිෂ්ටයින්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රදානයක්: රත්නපුරයේදී සිසුන් 40කට උපහාර
ප්‍රවෘත්ති

“වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් ලීටරේ රුපියල් 700 පනිනවා!”: නියෝජ්‍ය ඇමැති නාමල්

“වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් ලීටරේ රුපියල් 700 පනිනවා!”: නියෝජ්‍ය ඇමැති නාමල්

පවතින ගෝලීය යුද ගැටුම් සහ අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ මෙරට වෙනත් රජයක් බලයේ පැවතියේ නම්, ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 700 සීමාවද ඉක්මවා යා හැකිව තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා සිදුකළ නවතම ඉන්ධන මිල සංශෝධනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට සමානුපාතිකව දේශීය වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම වැළැක්වීම සඳහා රජය දැවැන්ත මූල්‍ය පාඩුවක් සිය කරමතට ගෙන ඇති බවයි.

“ලෝකයේ යුද්ධය උත්සන්න වන විට මෙරට වෙනත් පාලනයක් තිබුණා නම්, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවා යාම වළක්වා ගැනීමට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ආර්ථිකයට එල්ල වන දැඩි පීඩනය අවම කර ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව වෙත අතිරේක ඇස්තමේන්තු ඉදිරිපත් කර අරමුදල් වෙන්කිරීමට පියවර ගත් බවද ඔහු සිහිපත් කළේය.

ගොවි ජනතාවට එල්ල වූ පීඩනය සහ ඉදිරි අයවැය සහන

පෙට්‍රල් සහ ඩීසල් මිල සුළු වශයෙන් හෝ ඉහළ දැමීම හේතුවෙන් මෙරට ගොවි ජනතාවට මෙන්ම පොදු මහජනතාවට යම් අමතර පීඩනයක් එල්ල වන බව පිළිගත් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්ධන මිල වත්මන් මට්ටමේ හෝ රඳවා තබාගැනීම සඳහා රජය අඛණ්ඩව විශාල මූල්‍ය බරක් දරමින් සිටින බව අවධාරණය කළේය.

එමෙන්ම, ඉදිරි අයවැය ලේඛනය මඟින් මහජනතාවට සහන සැලසීමේ ක්‍රමවේද ඇතුළත් විය හැකි බවට ඉඟි පළ කළ නාමල් කරුණාරත්න මහතා, බදු ප්‍රතිපත්ති සහ අනෙකුත් ආර්ථික කාරණා පිළිබඳව මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසින් නොවැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් (නව මිල රු. 424) සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 5කින් (නව මිල රු. 397) ඉහළ දැමීමට පියවර ගත් පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *