අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයි

ප්‍රවීණ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම ජාතික ජන බලවේගයේ (NPP) ජාතික විධායක සභිකයෙකු වූ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහනුවර පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානය වෙත ඊයේ (නොවැම්බර් 01) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා, දේහයට සිය අවසන් ගෞරවය පුදකළ බවයි.
එහිදී ජනාධිපතිවරයා දිවංගත ලාල් විජේනායක මහතාගේ වියෝවෙන් දැඩි ශෝකයට පත් පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් වෙත සිය හෘදයාංගම ශෝකය සහ සංවේගය පළ කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය හර්ෂ සුරංග සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ද එක්ව සිටියහ.
